top of page

Heading 1


මේ විශේෂාංගය හරහා ඔබට දෙස් විදෙස් වාර්ථා චිත්‍රපට තරග සම්බන්ධව දැනුම ලබාදෙන අතර ඒවා හා සම්බන්ධ වීමට  අවශ්‍ය පහසුකම් ලබාදේ. මේ පිටුවේ පළකරන සියලුම වෙබ් අඩවි සහ වාර්ථා චිත්‍රපට තරග අප වෙත කිසිදු ගෙවීමක් නොකරන අතර අපේ එකම අරමුණ මෙම ක්ෂේත්‍රය පිළිබඳව නිවැරැදි දැනුමක් ඔබට ලබාදී අනාගතයේ අන්තර්ජාතික වාර්තා චිත්‍රපටහා කරට කර ගැටිය හැකි නිර්මාණයන් බිහිකිරීමයි.




චිත්‍රපට උළෙලකට ඔබේ නිර්මාණය ඉදිරිපත් කිරීමේදී දැනගත යුතු මූලික කරුණු

අදාළ කොන්දේසි - වාර්ථා චිත්‍රපට උළෙලකට ඔබේ නිර්මාණය ඉදිරිපත් කිරීමට පෙර අදාල කොන්දේසි හොදින් විමසන්න මක්නිසාද යත් තෝරාගත් උළෙලවල් කිහිපයක ඔබේ නිර්මාණය ප්‍රසිද්ධ මාධ්‍යයක ප්‍රදර්ශනය කර ඇත්නම් එය බාරගන්නේ නැත.

(sundance film festival ) එම නිසා ඔබේ වාර්ථා චිත්‍රපටය youtube හෝ Vimeo හී Uplord කළ පසු Password Protect කිරීමට වග බලාගන්න .

නිර්මාණයේ ගුණාත්මකභාවය - ඔබේ වාර්ථා චිත්‍රපටයේ අවසන් නිෂ්පාදනය ලබාගත හැකි ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් ලබාගන්න (h.264 codec)

ඔබට ලැබෙන ප්‍රතිලාභ - ජාතික හෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙලවල් හරහා ඔබට ලැබෙන අවස්ථාවන් මොනවාද? උදාහරණ ලෙස ඔබට තවත් නිර්මාණයක් කිරීමට මුදල් ත්‍යාග ලැබෙනවාද ? වැඩමුළු වලට සහභාගි වීමට ලැබෙන අවස්ථාවන්,වෙනත් රටක උළෙල පැවැත්වෙනවානම් නම් එම රටට යාමට සහ නවාතැන් පහසුකම් සදහා ඔවුන් දායකත්වය දක්වනවාද  අදී යන වග.


වාර්ථා චිත්‍රපට උළෙලවල් හා ඔබ සම්බන්ධ විය යුත්තේ ඇයි?

ඔබ කවුද යන වග පෙන්වීමට - චිත්‍රපට උළෙලවල් හා සම්බන්ධ වීමේදී ඔබට ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභයක් නම් ඔබව ක්ෂේත්‍රයට නිරාවරණ වීම.විචාරකයන්,ප්‍රේක්ෂකයන් ඔබේ නිර්මාණය ගැන අදහස් ඉදිරිපත් කරාවී. ඔවුන් ඔබව දිරිමත් කරාවී සමහර විට විවේචනය කරාවී ඒ සෑම දේකින්ම ඔවුන්ගේ මනසේ ඔබගැන ප්‍රතිරූපයක් සාදාගනීවී.

ජාලයක් සකස් කරගැනීම - සිනමාකරුවන්,නිෂ්පාදකවරුන්, විචාරකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග ශක්තිමත් ජාලයක් සදාගැනීම

සම්මාන - ඔබේ නිර්මාණය සම්මාන දිනාගන්නා විට එය ඔබේ චිත්‍රපටය ප්‍රවර්ධනය කිරීමට යොදාගත හැක.තවද ඔබේ  නිර්මාණය දෙස් විදෙස් සිනමා උළෙලවල් හී නිර්දේශ වී ඇතිවිට ප්‍රේක්ෂකයන් එය  නැරඹීමට විශේෂ උනන්දුවක් දක්වනු ඇත.

විදින්න - ඔබේ නිර්මාණය විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ ප්‍රදර්ශනය වීම.ඔබේ මහන්සිය ,කැපවීම , අවසානයේ ජයග්‍රහණය කර ඇති අයුරු

 

ඔබේ වාර්ථා චිත්‍රපටය  දැනටමත්  නිෂ්පාදනය කර අවසන් නම් මෙය ඔබට වැදගත් පණිවිඩයක් වේවී.

 

ඔබේ වාර්ථා චිත්‍රපටය පහත වෙබ් අඩ්වියන්ට  submit කර අන්තර්ජාතික වාර්ථා චිත්‍රපටඋලෙළවල් හා ඔබට  සම්බන්ධ විය හැක.

Sri Lanken Documentary Film Festivals

Sri Lanka Youth Film Festival

The Short Film and Documentary Film Festival 2018, organized by the NYSCO video unit of the National Youth Council 

Calling for entries for 7th edition of Agenda 14 Short Film Festival, Sri Lanka

The Galle Film Festival aims to provide a forum where film can be embraced, appreciated and discovered

International Documentary Film Festivals

The third annual Jacksonville Dance-Film Festival (JDFF) will be screened in Jacksonville in the Spring of 2018

The Big Sky Documentary Film Festival celebrates the art of nonfiction film by giving voice to the powerful ideas that come forth in documentary.

DocuWest Documentary Film festival and Alamo Draft house have teamed up to present Colorado with the best in independent documentary film from around the world

ABOUT FEEDs & GRIDs

docfilmmaker.lk  වාර්තා චිත්‍රපට කරණය පිලිබඳ උනන්දුවක් දක්වන  සිනමාකරුවන්,මාධ්‍යවේදීන්,විද්වතුන්,

රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා සාමාජිකයන් සහ පාසල් සිසුන්  සඳහා සිoහල මාධ්‍යයෙන් මගපෙන්වීමක් ලබාදෙන වෙබ් අඩවියකි.

SOCIALS 

SUBSCRIBE 

සෑම සතියකම  වාර්තා චිත්‍රපටකරනය පිලිබඳ නවතම තොරතුරු ඔබගේ e mail  ගිනුමට  ලබාගැනීමට

© 2018 Made by filmmakers, for filmmakers

bottom of page