Documentary Film Production Equipment

තත්ත්වයෙන් උසස් වාර්ථා චිත්‍රපටයක් නිර්මාණයක් කිරීමට ඔබට අවශ්‍යද ,ඔබ ලග දැනට ඇති මුදලින්,එසේ නම් ඔබට ඉතා හොද වීඩියෝ නිෂ්පාදන පැකේජයක් තෝරාගත යුතුය.
මතක තබාගන්න මෙහි දක්වා ඇති පැකේජයන් ඔබගේ සියලුම නිෂ්පාදනයන් වලට වලංගු නොවනු ඇත.එය ඔබගේ නිෂ්පාදනයත් සමග වෙනස් වේ.උදාහරණ ලෙස ඔබගේ නිෂ්පාදන පිරිවැය අනුව,වාර්ථා චිත්‍රපටයේ ස්වාභාවය අනුව ,රූගත කරන ස්ථාන සහ ඔබේ මට්ට්ටම මත තත්ත්වයෙන් උසස් නිෂ්පාදනයක් කිරීමට අවශ්‍ය මූලික දැනුම ඔබට ලබාදීම මේ පිටුවේ අරමුණයි

ඔබ තවමත් වාර්ථා චිත්‍රපටකරණයට ආධුනිකයෙක්ද එසේ නම් අපි මුලසිටම පටන් ගමු.
Video Camera

කැමරාව ඔබගේ පැකේජයේ ප්‍රධානම අoගයක් වේ.සෑමවිටම ඔබ තත්ත්වයෙන් උසස් කැමරාවක් භාවිතය තුලින් ඉහල ගුණාත්මක භාවයෙන් යුතු රූපරාමු ඔබට ලබාගත හැකිය
ඔබේ වාර්ථා චිත්‍රපටය සදහා කැමරාවක් තෝරාගැනීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක් ඇත.ප්‍රධානම දෙයනම් ඔබ මෙය ඉදිරිපත් කරන මාධ්‍ය.සිතන්න ඔබ භාවිතා කරන්නේ සිනමාව නම් බොහෝවිට ඔබට විශාල තිරයක ඔබේ චිත්‍රපටය පෙන්වීමට සිදුවනු ඇත.එසේ නම් ඔබට විභේදනය (resolution) ඉහළ අගයක් ඇති Digital Cinema වර්ගයේ කැමරාවක් භාවිතා කලයුතු වේ.නමුත් ඔබේ මාධ්ය රූපවාහිනිය නම් දැනට වෙළඳපලේ ඇති අපට දැරිය හැකි මිලකට ගතහැකි DSLR කැමරාවක් හෝ camcoder එකක් හෝ ඔබේ smart phone එක ප්‍රමාණවත් වේවි.
Tripod

වීඩියෝකරණය සදහාම භාවිතා කරන ත්‍රිපාද ආධාරකයක්(Tripod) සෑම විටම භාවිතයට ගන්න.එමගින් paning ,Till up,Till down සහ still රූපරාමු ලබාගැනීමේදී ඉතාමත් සියුම්ව එය කල හැකිය.
Camera Light

ඔබේ වාර්ථා චිත්‍රපටයේ ස්වාභාවය අනුව ඔබට සෑම විටම 3-point lighting set-up එකක් භාවිතා කිරීමට නොහැකි වනු ඇත.එවැනි අවස්ථාවකදී On-Camera Video Light එකක් භාවිතා කිරීම තුලින් ඔබේ රූපරාමුවේ ගුණාත්මකභාවය පවත්වා ගත හැකිය.
3-point lighting set-up

ඔබේ වාර්ථා චිත්‍රපටය සදහා අතුලත දර්ශන රූගත කිරීමට ඇත්නම් උදාහරණයක් ලෙස සම්මුඛ සාකච්ඡා (interviews) වැනි අවස්ථා වලදී ඔබට 3-point lighting set-up එකක් භාවිතා කිරීමට හැකිනම්. තත්ත්වයෙන් උසස් සේම වෘත්තීමය මට්ටමේ දර්ශණ රූප ගත කල හැකිය. නිවරැදිව 3-point lighting set-up එකක් සකස් කරගන්නා ආකාරය දැනගන්න - Three Point Lighting Tutorial
Shotgun Microphone

ඔබේ වාර්ථා චිත්‍රපටයේ රූපරාමු කොපමණ උසස් තත්ත්වයේ තිබුනද ඔබ audio ගැන සැළකිලිමත් නොවන්නේ නම් ඔබේ නිර්මාණය අසාර්ථක නිර්මාණයකි.එම නිසා හැකි සෑම විටම තත්ත්වයෙන් උසස් ශ්‍රව්‍ය උපකරණ (Audio Equipment) භාවිතා කරන්න.එයින් ඔබ ආධුනික ද වෘත්තීමය ද කියා ප්‍රේක්ෂකයා දැනගනීවී. How to choose a microphone for your documentary project
Audio (XLR) Cables

ඔබේ Audio Equipment පැකේජයේ අනිවාර්යයෙන්ම තිබිය යුතු උපකරණයක් Audio (XLR) Cables
එම නිසා ඔබ සෑම රූගත කිරීමකට යාමට පෙර එය පරීක්ෂා කරන්න
Wireless Microphone

වාර්ථා චිත්‍රපට නිෂ්පාදනයේ ක්ෂේත්රයේ බෙහෙවින් භාවිතා කරණ උපකරණය අතරින් එකකි. ඔබේ රූගත කරන කණ්ඩායම කුඩානම්, ඔබට සැලකිය යුතු පිරිවැයක් නොමැති නම්.ඉතා පහසුවෙන් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ශබ ්ද පටිගත කල හැක.
සම්මුඛ සාකච්ඡා සඳහා පහසුවෙන්ම භාවිතා කල හැකි අතර ඔබ භාවිතා කරන්නේ DSLR කැමරාවක් නම් ඔබේ කැමරාවේ mini-jack audio input එක හරහා කැමරාවට ඍජුවම සම්බන්ධ කල හැක.
Portable Digital Audio Recorder

ඔබ භාවිතා කිරීමට තීරණය කරන්නේ DSLR කැමරාවක් නම් අනිවාර්යයෙන්ම ශබ්දය පටිගත කිරීමට Portable Digital Audio Recorder එකක් භාවිතා කරන්න.ඒත් ඇයි ඔබ එය භාවිතා කලයුතේ ? ඔබ භාවිතාකරන කැමරාව 5d mark 3 නම් එහි ඇත්තේ mini-jack audio input එකක් එයින් ඔබට වෘත්තීයමය හෝ විකාශනමය තත්ත්වයෙන් යුතු උසස් ගුණාත්මක භාවයක් ඇති ශබ්ද පටිගත කිරීමට නොහැකිය.මෙවැනි උපකරණයක් භාවිතා කොට පසුව සoස්කරණයේදී ඔබට එය sync කරගත හැක.
Headphones

ඉතා ඉහළ මට්ටමේ ශබ්ද පටිගත කිරීමක් නම් ඔබට සෑම විටම එම ශබ්දය අධීක්ෂණය කිරීමට සිදුවනු ඇත.එම
නිසා ඔබට පහසු හොද තත්ත්වයේ Headphone එක නිතරම භාවිතා කරන්න.
Lenses: Wide Angle lenses, Tele lenses

ඔබේ අවශ්‍යතාවය මත Lenses භාවිතා කළහැක. ඔබ Canon lenses භාවිතා කරන්නේ නම් L-Series කාණ්ඩයේ lenses මගින් උසස් තත්ත්වයේ වර්ණ සහ රූප ලබාගත හැක Canon EF 24-105mm f/4L ,
Canon EF 24-70mm f/2.8L II USM Lens
Extra Batteries

ඔබ රූගත කිරීමට පිටතට යනවානම් සෑම විටම Batteries වැඩිපුර ප්‍රමාණයක් රැගෙන යන්න.
Video Tapes, Flash Memory Cards or DVD's (depending on your camera)

පටිගත කිරීමට Video Tapes, Flash Memory Cards or DVD's (ඔබ භාවිතා කරන කැමරාව අනුව)අවශ්‍ය ප්‍රමාණයට රැගෙන යන්න.
External Hard Drive

ඔබ රූගත කිරීමට දින කිහිපයක් පිටත සිටිනවානම් ඔබේ පරිගණකය සමග External Hard Drive එකක් ලග තබාගන්න.
Video/Photo Camera Bag

කැමරා බෑගයක් තෝරාගැනීමේ දී සෑමවිටම ජලය කාණ්දු නොවන(water proof) back pack ආකාරයේ හොද වෙළඳ නාමයක් යටතේ ඇති බෑගයක් තෝරාගන්න.
DSLR Shoulder Mount Rig

DSLR කැමරාවක් භාවිතා කරන්නේ නම්..ඔබ දන්න වා එහි ඇති සැකැස්ම අනුව විඩීයෝ ගත කරන අවස්ථාවලදී යම් අපහසුතා ඇති බව. එය අවම කරගැනීමට ඔබට DSLR Shoulder Mount Rig එකක් භාවිතා කල හැක. එමගින් වඩා අලoකාර වූ දර්ශන ලබා ගත හැකි අතර කැමරාව සෙලවීමේදී ඇතිවන අපැහැදිලි වීම් අවම කරගත හැක.